Gossips

රෂීඩ් ඛාන්ගෙන් වාර්තාවක්

ඇෆ්ගනිස්ථානයේ දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් ජාත්‍යන්තර එක්දින පිටියේ වේගවත්ම කඩුලු 100 ලබා ගනිමින් ඊයේ (25) ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා.
ඒ, ලෝක කුසලාන එක්දින තරඟාවලියට සුදුසුකම් ලැබීමේ අවසන් තරඟයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ෂායි හොප්ගේ කඩුල්ල දවා ගනිමින්.
ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් තරඟ 52 කදී කඩුලු 100 දවා ගනිමින් මෙම වාර්තාවට මීට පෙර හිමිකම් කියනු ලැබූ අතර, රෂීඩ් ඛාන් එම වාර්තාව අලුත් කරනු ලැබුවේ එක්දින තරග 44කදියි.
හරාරේ හි පැවති ලෝක කුසලාන එක්දින තරඟාවලියට සුදුසුකම් ලැබීමේ අවසන් තරඟයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරදා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම කඩුලු 07ක ජයක් ලබා ගත්තා.
රෂීඩ් ඛාන් 100වන කඩුල්ල දවාගත් අවස්ථාව පහතින්.