Gossips

රවී සමඟ දයාසිරි පැටලේ

සුගතදාස – ජාතික ක්‍රීඩා සංකීර්ණයේ ජාත්‍යන්තර කෘත්‍රිම ධාවන පථය නවීකරණය කර විවෘත කිරීම වෙනුවෙන් අද පැවති උත්සවයේදී ඊට එක්ව සිටි දේශපාලන නියෝජිතයන් අතර පරස්පර අදහස් පළවුණා.
ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන්.
එහිදී ඔහු කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය සතු අමාත්‍යාංශ භාරදූර කාර්යයන් ඉටුකරමින් සිටියදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පහසුවෙන් ප්‍රතිලාභ ලබාගනිමින් සිටින බවයි.
රවී කරුණානායක මන්ත්‍රීවරයා අදහස් පළ කිරීමෙන් අනතුරුව ඊට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මෙලෙස ප්‍රතිචාර දක්වා සිටියා.