Gossips

රවී ගැන තීන්දුව කල් යයි

මහබැංකු බැඳුම්කර වංචාව සෙවූ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ අසත්‍ය ප්‍රකාශ සිදුකිරීමේ චෝදනාවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක සැකකරුවෙකු ලෙස නම් කර, ලබාගත් නියෝග ක්‍රියාත්මක කරනවාද නැද්ද යන්න පිළිබදව තීන්දුව ලබන 4 වන දා ලබාදීමට නියමිතයි.
කෙසේ වෙතත්, පසුගිය 14 වන දා ලබාදුන් එම නියෝග සම්පූර්ණයෙන්ම අවලංගු කිරීම සම්බන්ධයෙන් අද තීරණය කරන බවයි මීට පෙර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ.
ලබන සඳුදා විත්තිකාර පාර්ශවයට ලිඛිත විරෝධතා ගොනු කිරීමට ද මහේස්ත්‍රාත්වරයා අද නඩුව විභාගයට ගත් අවස්ථාවේ අවසර ලබාදී තිබෙනවා.