Gossips

රවී කරුණානායක අත්අඩංගුවට ගත යුතුයි – බන්දුල

ලිට්රෝ ගෑස් සමාගමේ රහසිගත ගිණුමකින් 50 දෙනෙකුට අධික පිරිසකට වැටුප් ගෙවූ බවට චෝදනා එල්ල වන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පොදු දේපළ අවභාවිතා කිරිමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර, එක්සත් ජාතික පක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව හඬ නැගීමට කිසිඳු අයිතියක් නොමැති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ පොදුජන පෙරමුණේ ගාල්ල – රත්ගම ආසන බල මණ්ඩල රැස්වීමට ඊයේ (01) එක්වෙමින්.