Gossips

රවී කරුණානායකට එරෙහි නියෝග ගැන අවසන් තීන්දුව 28

මහබැංකු බැඳුම්කර වංචාව සෙවූ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ අසත්‍ය ප්‍රකාශ සිදුකිරීමේ චෝදනාවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක සැකකරුවෙකු ලෙස නම් කර, ලබාගත් නියෝග තාවකාලිකව අත්හිටුවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක අද තීරණය කළා.
කෙසේ වෙතත්, පසුගිය 14 වන දා ලබාදුන් එම නියෝග සම්පූර්ණයෙන්ම අවලංගු කිරීම සම්බන්ධයෙන් මේ මස 28 වන දා තීරණය කරන බවයි මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ.
ඊට අදාළ ලිඛිත දේශන ලබන 26 වන දා ගොනු කරන ලෙස ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, නීතිපතිවරයාට සහ වගඋත්තරකාර පාර්ශව වෙත නියෝග කර තිබෙනවා.