Gossips

රවී කරුණානායකට එරෙහිව පැමිණිල්ලක්

හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව වහාම පරීක්ෂණයක් සිදුකර අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සත්‍ය ගවේශකයෝ සංවිධානය අද පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
ඒ ලිට්‍රෝ සමාගමේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් පූජ්‍ය දඹර අමිල හිමියන්ට රහස් ගිණුමක් උපයෝගි කරගනිමින් මුදල් ලබාදීමේ සිදුවීම සම්බන්ධයෙන්.
පූජ්‍ය දඹර අමිල හිමියන්ට ලිට්‍රෝ ගෑස් සමාගමේ අලෙවි ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් මාසිකව රුපියල් 95,000 ක මුදලක් රහස් ගිණුමකින් ලබාදී ඇතිබවට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේදී අනාවරණය වුණා.
ඒ ගාමිනී සෙනරත් ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුවේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදුන් ලිට්‍රෝ ගෑස් සමාගමේ ප්‍රධාන මූල්‍ය පාලක මුදිත තමානගම මහතාගෙන් සිදුකල හරස් ප්‍රශ්න විමසීමකදීයි.
මෙම රහස් ගිණුම පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව සත්‍ය ගවේශකයෝ සංවිධානය පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.