Gossips

රවී කරුණානායකගේ චෝදනාවකට මහබැංකු අධිපතිගෙන් පිළිතුරු

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මාධ්‍ය ඔස්සේ මහබැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහට නගන චෝදනා සනාථ කෙරෙන කරුණු කිසිවක් ඉදිරිපත් කර නොමැති බව මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි අවධාරණය කරනවා.
ඒ ඊට අදාළ නිවේදනයක් නිකුත් කරමින්.
ආචාර්ය නන්දලාල් වීරසිංහ විශිෂ්ඨ ආර්ථික විද්‍යාඥයෙකු මෙන්ම තමන් මහබැංකු අධිපතිවරයා වශයෙන් කටයුතු කළ වසර දෙක තුළ මහබැංකුවේ කාර්යයන්ට සුවිශේෂ දායකත්වයක් දැක්වූ නිලධාරියෙක් බව ද මහබැංකු අධිපතිවරයා දක්වා තිබෙනවා.