Gossips

රවීටත් ඇමති ධූරයක් – ෆොන්සේකාට නැහැ – ඇමතිකම් එපා කියූ පිරිසකුත් දිවුරුම් දෙයි

අද දිවුරුම් දුන් නව අමාත්‍ය මණ්ඩලයේ විශේෂතා කිහිපයක් ද දක්නට ලැබෙනවා.
ජාතික ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර දැරූ නීතිය හා සාමය අමාත්‍ය ධූරය මෙවර ජනපති යටතට ගෙන ඇති අතර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණ පරීක්ෂණ නිමවනතුරු ජනාධිපතිවරයා එම අමාත්‍ය ධූරය තමන් යටතේ තබා ගැනීමට තීරණය කර ඇති බවයි.
කැබිනට් අමාත්‍ය ධූරයක් දැරූ ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකාට මෙවර අමාත්‍ය ධූරයක් ලැබී නැහැ.
ඔහුට අමාත්‍ය ධූරයක් ලබාදෙන ලෙස එක්සත් ජාතික පෙරමුණ යෝජනා කර තිබුණද දිගින් දිගටම තමන්ව විවේචනයට ලක් කිරීම හේතුවෙන් සරත් ෆොන්සේකාට අමාත්‍ය ධූරයක් ලබාදීම ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළ බවයි එක්සත් ජාතික පෙරමුණේ ජේ්‍යෂ්ඨ අමාත්‍යවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
කෙසේ වෙතත් අමාත්‍ය ධුර ලබා නොගන්නා බවට ප්‍රකාශ කළ මලික් සමරවික්‍රම, මනෝ ගනේෂන් සහ රිෂාඞ් බදියුදීන් අද කැබිනට් අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දෙනු ලැබුවා.
අමාත්‍ය ධුරයක් භාරගැනීම ප්‍රතික්ෂේප කළ ඞී.එම්. ස්වාමිනාදන් අද කැබිනට් අමාත්‍ය ධුරයක දිවුරුම් දුන්නේ නැහැ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත රංගේ බණ්ඩාරට සහ රවීන්ද්‍ර සමරවීරට අමාත්‍ය ධුර ලබාදෙන ලෙස එක්සත් ජාතික පෙරමුණ යෝජනා කර තිබුණද ඔවුන් අද කැබිනට් අමාත්‍ය ධුරවල දිවුරුම් දුන්නේ නැහැ.
යළි එක්සත් ජාතික පක්ෂයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායකට මෙන්ම පසුගියදා ආණ්ඩු පක්ෂයේ අසුන් ගත් නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ද මෙවර කැබිනට් අමාත්‍ය ධුරයට පත් නොකිරීම විශේෂත්වයක්.
මුදල් අමාත්‍ය ධුරය දරමින් සිටියදී එය අහිමිවූ රවී කරුණානායකට මෙවර විදුලිබල බලශක්ති අමාත්‍යාංශය ලබාදී ඇත්තේ ව්‍යාපාර සංවර්ධන යනුවෙන් නව විෂයක් එක් කරමින්.
rn