Gossips

රයන් වැන්රූයන් 11 වනදා දක්වා රිමාන්ඩ්

ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කෙරුණු රංගන ශිල්පි රයන් වැන්රූයන් මේ මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ඔහු අද (05) මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මේ අතර, තම පාවිච්චිය සඳහා ගංජා ළඟ තබා ගත් බවට ඔහු පොලීසිය ඉදිරියේ වරද පිළිගෙන තිබුණා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව වැලිගම පොලීසියට භාර දුන් අතර, එහිදීයි ඔහු මෙලෙස වරද පිළිගෙන ඇත්තේ.
පසුගිය දා ඩුබායි හි පැවති සාදයකදී මාකඳුරේ මධුෂ් සමඟ අත්අඩංගුවට ගැනුණු රයන් වැන්රූයන් ඊයේ අලූයම නැවත ශ්‍රී ලංකාවට පැමිණියේ එරටින් පිටුවහල් කිරීමෙන් අනතුරුවයි.