Gossips

රමිත් රඹුක්වැල්ලට අද ලැබුණු නියෝගය

නාවල ප්‍රදේශයේදී විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකුට පහරදීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල ලක්ෂ 5 ක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ රථ වාහන මහේස්ත්‍රාත් අධිකරණය අද (13) නියෝග කර තිබෙනවා.
එමෙන්ම ඔහුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවිමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.
මෙම සිද්ධියට අදාළ නඩුව ජුනි 19 වැනිදා යළි කැඳවීමට නියමිතයි.
පසුගිය 09 වැනිදා රාත්‍රියේ විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකුට ගිනි අවි පෙන්වා පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රමිත් රඹුක්වැල්ල නාරාහේන්පිට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණා.