Gossips

රබර් නිෂ්පාදන කර්මාන්තශාලාවක ගින්නක්

ජාඇල – රජමාවත ප්‍රදේශයේ රබර් ආශ්‍රිත ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්තශාලාවක හටගත් ගින්න මේ වනවිට නිවා දමා තිබෙනවා.
ඊයේ රාත්‍රියේ ඇති වූ මෙම ගින්න නිවා දමා ඇත්තේ පොලීසිය, ගිනි නිවීමේ ඒකකය හා විදුලිබල මණ්ඩලයේ සහය ඇතිවයි.
සිද්ධියෙන් ජීවිත හානි වාර්තා වී නොමැති අතර සිදුවූ දේපළ හානිය මෙතෙක් තක්සේරු කර නැහැ.