Gossips

රබර් කම්හලක ගෑස් ටැංකියක් පිපිරීමෙන් තුවාල ලැබූ තවත් අයෙකු මරුට

හොරණ – පෝරුවදණ්ඩ – හොරකැටිය ප්‍රදේශයේ පිහිටි රබර් නිෂ්පාදන ආයතනයක සිදුවු පිපිරීමෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු පානදුර රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ රත්නපුර – කහවත්ත ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙක් බවයි ඉංගිරිය පොලීසිය සඳහන් කළේ.
පසුගිය සිකුරාදා මෙම අනතුර සිදුවුණේ අදාළ කර්මාන්තශාලාවට ලොරි රථයකින් රැගෙන ආ ඇමෝනියා ගෑස් සිලින්ඩර් 17 ක් ඉවත් කිරීමට යාමේදී එක් වරම එහි තිබූ සිලින්ඩරයක් පිපිරීමෙන්.
එහිදී පුද්ගලයින් පස්දෙනෙකු තුවාල ලැබූ අතර, පසුව එක් අයෙකු ජීවිතක්ෂයට පත්වුණා.