Gossips

රනිල් වික්‍රමසිංහගේ මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කරමින් පෙත්සමක්

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කරමින් යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානය අද අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා.
එම සංවිධානයේ සම සභාපතිනි ෂර්මිලා ගෝනවල අදාළ පෙත්සම ඉදිරිපත් කළ අතර, පෞද්ගලික සමාගමක කොටස්කරුවෙකු ලෙස කටයුතු කරමින් රාජ්‍ය ආයතන සමග ගිවිසුම් ගත ගණුදෙනුවල නිරත වීම හේතුවෙන් රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීම වළක්වන ලෙසයි එමගින් ඉල්ලා ඇත්තේ.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ එම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට එරෙහිව ක්වෝ වොරොන්ටෝ රීට් ආඥාවක් ලබා දෙන ලෙස පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.