එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කරමින් යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානය අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබෙනවා.
එහි සම සභාපතිනි ෂර්මිලා ගෝනවල ප්‍රකාශ කළේ ආයතනවල කොටස් හිමිකාරිත්වය දරා ලාභ ලැබීම සහ ඊට අදාළ වත්කම් බැරකම් හෙළි නොකිරීම යන චෝදනා යටතේ මෙම පෙත්සම ගොනුකළ බවයි.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට එරෙහිව ක්වෝ වොරොන්ටෝ රීට් ආඥාවක් ලබා දෙන ලෙසයි පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ.
