එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අද පෙරවරු 11.16 ට නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට නියමිතව තිබෙනවා.
එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ ජනාධිපති කාර්යාලයේදී එය සිදු කෙරෙන බවයි.
මීට පෙර 1993 වසරේ සිට 1994 දක්වාත් 2001 වසරේ සිට 2004 දක්වාත් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ 2015 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව නැවතත් අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණා.
පසුගිය ඔක්තෝම්බර් 26 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඔහු එම ධුරයෙන් ඉවත් කළ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එම තනතුරට පත් කරනු ලැබුවා.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද නැවතත් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙන්නේ මහින්ද රාජපක්ෂ ඊයේ දිනයේදී එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුවයි.
එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම්දීමෙන් පසු නව අමාත්‍ය මණ්ඩලය හෙට හෝ අනිද්දා දිවුරුම්දීමට නිියමිතව ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් වැඩිදුරටත් කියා සිටියේ.