Gossips

රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමට එරෙහි පෙත්සම සලකා බැලීම ජනවාරි 07

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කර ඒ සඳහා මහින්ද රාජපක්ෂ පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සම් දෙකක් ජනවාරි මස 07 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) නියම කළා.
පූජ්‍ය දඹර අමිල හිමියන් සහ ජනාධිපති හිටපු නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ ඕෂද හේරත් විසිනුයි මෙම පෙත්සම් ගොනු කර තිබුණේ.
මෙම පෙත්සම් අද කැදවනු ලැබුවේ බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ සහ මූර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරුන් හමුවේයි.