Gossips

රනිල්ගේ අගමැති ධුරය අහෝසියි – නීති විශාරදයෝ පෙන්වයි

ජාතික ආණ්ඩුවේ ගිවිසුම අහෝසිවීමත් සමඟ අමාත්‍ය මණ්ඩලයේ නීත්‍යනුකූලභාවය පිළිබඳ මෙන්ම අග්‍රාමාත්‍යවරයාගේ ධුරය සම්බන්ධයෙන්ද නිත්‍යානුකූල ගැටලුවක් පවතින බව ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා පවසනවා.
වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති කළ විමසුමකදී ඔහු මේ බව සඳහන් කළා.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අවසන්ව දින 6 ක් ගතවී ඇතත් තවමත් ආණ්ඩුව තුළ මතුව ඇති අර්බුදය අවසන් වී නැහැ.
ආණ්ඩුව තුළ ප්‍රධානම අර්බුදය මතුව ඇත්තේ අග්‍රාමාත්‍යධුරය සම්බන්ධයෙන්.
ජාතික ආණ්ඩුව සඳහා ක්‍රියාත්මක වූ ගිවිසුම අවසන්වීමත් සමඟ ඇතිවන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහානාම හේවා මහතා.