Gossips

රන් සමඟ අත්අඩංගුවට ගත් ආගමන විගමන නිලධාරියාගේ තවත් වැඩ එළියට

රත්‍රං සමඟ අත්අඩංගුවට ගත් ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා මීට පෙර ද අවස්ථා කිහිපයකදී රත්‍රං ගුවන් තොටුපළින් පිටතට රැගෙන ගොස් ඇති බවට අනාවරණ වී තිබෙනවා.
පසුගිය කාලයේ වැඩි වශයෙන් විදේශ රටවල සිට මෙරටට පැමිණ පුද්ගලයින් රැගෙන ආ රත්‍රං අත්අඩංගුවට ගැනීමත් සමඟ එම කටයුතු වඩාත් පහසුකර ගැනීම සඳහා මෙම නිලධාරියා යොදාගෙන ඇති බවටයි පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
ලක්ෂ 360ක් වටිනා රන් කිලෝ 6ක් සමඟ කටුනායක ගුවන් තොටුපළෙහි සේවය කරන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු රේගු නිලධාරීන් විසින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත්තා.
අදාළ රත්‍රං තොගය ගුවන් තොටුපළින් පිටතට රැගෙන ඒමට කටයුතු කිරීමේදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි රේගුව සඳහන් කළේ.
මොහුට ඩුබායි හි සිට පැමිණි විදේශිකයෙකුගෙන් මෙම රත්‍රං තොගය ලැබෙන්නට ඇති බව විමර්ශනවලින් අනාවරණ වුණා.
කෙසේ වෙතත්, ඔහු තවදුරටත් රදවාගෙන ප්‍රශ්න කරන බවයි ගුවන් තොටුපළ රේගු නිලධාරීන් සඳහන් කළේ.