Gossips

රන් මාල කොල්ලකෑම්වලට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

යාපනය ප්‍රදේශයේ කාන්තාවන්ගේ ගෙළ බැඳි රන් මාල කොල්ලකෑම්වල නිරත වන කණ්ඩායමක සාමාජිකයින් දෙදෙනෙකු මනිපායි පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 16 වන දා කාන්තාවකගේ රන් මාලයක් කොල්ලකෑමේ සිද්ධියකට අදාළව සිදුකළ විමර්ශනයකදීයි මොවුන් ඊයේ (17) මනිපායි හිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ප්‍රශ්න කිරීම්වලදී හෙළිව ඇත්තේ මොවුන් යාපනය ප්‍රදේශයේ යතුරුපැදි යොදා ගනිමින් රන් මාල කොල්ල කන කල්ලියක සාමාජිකයන් බවටයි.
සැකකරුවන්, මල්ලාක්කම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 30 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
මේ අතර කැස්බෑව හැඩිගම ප්‍රදේශයේදී පසුගිය 13 වැනිදා සවස යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු මහමග ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගෙලබැඳි මාලයක් සොරකම් කර පලායන අයුරු අසල නිවසක සවිකර තිබූ සීසීටීවී කැමරාව මෙලෙස සටහන්ව තිබුණා.