Gossips

රන් මාල කොල්ලකන කල්ලියක් අත්අඩංගුවට

ඇහැලියගොඩ ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණ කාන්තාවකගේ රන් මාලයක් කොල්ලකා මෝටර් රථයකින් පළායමින් සිටි පුද්ගලයන් තුන්දෙනෙකු ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පිරිස ගමන් කළ මෝටර් රථයේ තිබී රන්මාල 3ක්, රන් මුදු 2 ක් සහ රන් භාණ්ඩ උකස් කරන ලද රිසිට් පතක්ද සොයාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
එමෙන්ම මෝටර් රථයේ තිබී හෙරොයින් ග්‍රෑම් 6 යි මිලිග්‍රෑම් 670 ක්ද සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23, 27, 28 වයස්වල පසුවන හොරණ සහ ගාල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්.