කාන්තාවකගේ ගෙළ බැඳි රන් මාලයක් කොල්ල කා යතුරුපැදියකින් පළා යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු මාතලේ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
මාතලේ – උකුවෙල –  ඕවිලිකන්ද ප්රදේශයේ පදිංචි කාන්තාවකගේ රන් මාලයක් මෙලෙස කොල්ල කා පළා යමින් සිට ඇති අතර, අදාළ කාන්තාව ඒ පිළිබදව පොලිස් හදිසි ඇමතුම් අංකයට දැනුම් දී ඇති බව සඳහන්. 
ඒ සමඟ ක්රියාත්මක වූ මාතලේ පොලීසිය සැකකරුවන් ලූහුබැද මාර්ග බාධක යොදා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ. 
අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට මාතලේ මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



