හම්බන්තොට – හුංගම – උස්සන්ගොඩ – උද්‍යානය නැරඹීමට පැමිණි පෙම් යුවළකගේ රන් ආභරණ සහ ජංගම දුරකථන සොරකම් කළ පළා ගිය තරුණයින් 3 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හුංගම දී ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් නෝනාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.
මොවුන් අගුණුකොළපැලැස්ස මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 4 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
