නීතිවිරෝධීව මෙරටට ගෙන ආ ස්වර්ණාභරණ සහ රත්තරන් බිස්කට් තොගයක් සමඟ සැකකරුවන් 9ක් ඊයේ (19) රාත්රියේදී රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ මරදාන, මීගමුව, සීදුව,හලාවත සහ මහනුවර යන ප්රදේශවල අය බවයි වාර්තා වන්නේ.
සැකකරුවන් සිංගප්පූරුව සහ ඩුබායි සිට මෙරටට පැමිණ ඇති බවයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් රත්තරන් භාණ්ඩ තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි හැට තුන් ලක්ෂ හතලිස් හතර දහස් එකසිය හැත්තෑ නවයක් වන අතර එහි බර කිලෝ ග්රැම් 02 යි ග්රැම් 974 ක් බවයි වාර්තා වන්නේ.
ඔවුන් රත්තරන් බඩු තොගය සිය ගමන් මලුවල සඟවා ගෙන පැමිණ ඇති බවයි පරීක්ෂණවලදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ.
rn