පාදුක්ක නගරයේ රන් භාණ්ඩ අලෙවිසැලක් කොල්ල කෑ පුද්ගලයින් සිව් දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය ජනවාරි මස 29 වන දා පාදුක්ක නගරයේ පිහිටි මෙම රන් භාණ්ඩ අලෙවිසැලේ හිමිකරු බිය ගන්වා අදාළ පුද්ගලයින් මෙම කොල්ලය සිදු කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සී.සී. ටීවී කැමරා දර්ශණ ඔස්සේ සිදුකළ විමර්ශනයකින් අනතුරුව මොවුන් රනාල සහ ආටිගල ප්‍රදේශවලදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
