රුපියල් තුන්කෝටි විසිලක්ෂයක් වටිනා රන් බිස්කට් 40 ක් කටුනායක ගුවන්තොටුපලෙන් පිට කිරීමට තැත් කළ ශ්රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහුගේ පාවහන් තුළ සඟවා තිබියදී සොයා ගත් රන් බිස්කට් වල මුළු බර කිලෝග්රෑම් 4 ක්. මෙම ශ්රී ලංකන් ගුවන් සේවා කාර්ය මණ්ඩල සාමාජිකයා කටුනායක ගුවන්තොටුපලට අනුයුක්තව සේවය කරන අතර, 23 හැවිරිදි ඔහු වත්තල ප්රදේශයේ පදිංචිකරුවෙක්.
ප්රශ්න කිරීම් වලදී ඔහු ප්රකාශ කර ඇත්තේ තම හිතවතෙකු ඩුබායි සිට ශ්රී ලංකාවට මෙම රත්රන් තොගය රැගෙන ඒමෙන් පසු එය පිටතට රැගෙන යාම සඳහා තමන් කටයුතු කළ බවයි.