Gossips

රන් බිස්කට් 20 ක් කටුනායක ගුවන් තොටුපොළේ දී අල්ලයි

රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් වටිනා රන් බිස්කට් තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (30) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න ප්‍රකාශ කරනවා.
මොහු නිට්ටඹුව , තිහාරිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි ව්‍යාපාරිකයෙකු බවයි සඳහන්
ඔහු අද 30 දින උදෑසන 8.00 ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඔහුගේ මුදල් පසුම්බියේ සහ ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ මෙම කිලෝ ග්‍රෑම් 02 ක් බර රන් බිස්කට් 20 සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.