Gossips

රන් පාපන්දුව ක්‍රොඒෂියානු ක්‍රීඩකයෙකුට

ලොව විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයාට පිරිනැමෙන බැලන් – ඩෝ හෙවත් රන් පාපන්දුව මෙවර හිමි වී ඇත්තේ ක්‍රොඒෂියානු ක්‍රීඩක ලූකා මොඩ්රිච්ටයි.
ඔහු රුසියාවේ පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී ක්‍රොඒෂියාව ප්‍රථම වරට ලෝක කුසලාන අවසන් මහා තරඟය කරා රැගෙන යාමට සමත් වුණා.
ලූකා මොඩ්රිච් මෙවර රන් පාපන්දුව ජයග්‍රහණය කළේ ආර්ජන්ටිනාවේ ලියොනල් මෙසී සහ පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අභිබවමින්.
පසුගිය දස වසරක කාලය තුළ බැලන් – ඩෝ සම්මානය ජයග්‍රාහණය කළේ මෙසී සහ රොනාල්ඩෝ විසින්.