Gossips

රන් පවුමක මිල රුපියල් 6000 කින් ඉහළට

ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන රන් සඳහා තීරු බදු පැනවීමට ගෙන ඇති තීරණයත් සමඟ මෙරට වෙලඳපොලේ රන් මිලද ඉහල ගොස් තිබෙනවා.
ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල රුපියල් 6000කින් පමණ ඉහල ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
බදු වැඩිවීමත් සමඟ කැරට් 22 රන් පවුමක නව මිල රුපියල් 57,000 ඉක්මවන අතර එහි පැරණි මිල වුණේ රුපියල් 51,000ක්.
එමෙන්ම නව තීරු බදු හේතුවෙන් කැරට් 24 රන් පවුමක් රුපියල් 7000කින් පමණ ඉහල ගොස් තිබෙනවා.
දැනට කැරට් 24 රන් පවුමක් රුපියල් 55,000කට පමණ අලෙවි වන අතර නව මිල වැඩි වීමට අනුව එම රන් පවුමක් අලෙවි වන්නේ රුපියල් 62,000ක මිලකටයි.
ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන රන් සඳහා වටිනාකම මත සියයට 15ක බද්දක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කරනු ලැබුවේ පෙරේදා (17) මධ්‍යම රාත්‍රියේ සිටයි.