Gossips

රන් දිනන්න තිවංක සහ බණ්ඩාර අද පොදුරද මඩුලූ තරග බිමේ

ඕස්ට්‍රේලියාවේ – ගෝල්ඩ් කෝස්ට් හි පැවැත්වෙන 21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ බොක්සිං කිලෝග්‍රෑම් 52 පිරිමි බර පන්තියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගත් ඉෂාන් බණ්ඩාර ඉන්දියාවේ ගෞරව් සොලාන්කි සමග අද (13)පෙරවරුවේ තරග වැදීමට නියමිතයි.
එමෙන්ම, කිලෝග්‍රෑම් 46 – 49 බර පන්තියේ අර්ධ අවසන් පූර්ව වටය ජය ගත් තිවංක රණසිංහ එංගලන්තයේ ගලාල් යෆායි සමග තරග වදිනු ඇති.
මෙම ක්‍රීඩකයන් දෙදෙනා දැනටමත් පදක්කමකට අවශ්‍ය සුදුසුකම් සපුරා අවසන්ව ඇති හෙයින් අද පැවැත්වෙන තරගයේ ප්‍රතිඵලය කුමක් වුවත්, දෙදෙනාම මේ වනවිට ලෝකඩ පදක්කමකට හිමිකම් කියනවා.
මීට අමතරව, රිද්මානුකූලව ජිම්නාස්ටික් ඉසව්වේ අවසන් තරගයට ශ්‍රී ලංකාවේ ඇනා මේරි ඔන්ඩච්චි ද අද තරග වැදීමට නියමිතයි.