Gossips

රන් අභරණ සොරකමේ ගිය යුවළක් පොලිස් දැලේ පැටලෙයි

රුවන්වැල්ල නගරයේ රන් භාණ්ඩ අලෙවිසැලකින් රන් අභරණ සොරකම් කළ යුවළක් පොලිසිය විසින් ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් රන් භාණ්ඩ මිලදී ගැනීම බව පවසමින් පැමිණ රුපියල් හැට හතරදහසක් වටිනා රන් මාලයක් සොරකම්කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
වෙළඳසැලේ හිමිකරු විසින් කළ පැමිණිල්ලකට අනුව සිදුකළ පරීක්ෂණ වලදී වෙළඳසැලේ සී.සී.ටී.වී දර්ශන උපයෝගී කරගනිමින් සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය අනුරාධපුර සහ කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් සන්තකයේ තිබී මෙලෙස සොරකම් කළ රන් භාණ්ඩ උකස් කළ රිස්ට්පත් කිහිපයක්ද සොයා ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
26 සහ 24 යන වයස්වල පසුවන සකකරුවන් අද (07) දින රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
රුවන්වැල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.