පාසල් ගුරුවරියක් පාසල නිමවී අම්බලන්තොට පුහුල්යාය ප්රදේශයේ සිය නිවසට යමින් සිටියදි කුඩා මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙක් ගුරුවරියට පහර දී ඇගේ ගෙල බැඳි රන්මාලය කඩා ගෙන (05) මෝටර් රථයෙක් පලා ගිය බව පවසමින් ගුරුවරිය අම්බලන්තොට පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධව වහා ක්රියාත්මක වූ අම්බලන්තොට පොලිසියේ නිළධාරීන් සිද්ධිය වූ ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කර ඒ අවට නිවසක සවිකර තිබූ සී.සි.ටි.වි කැමරාවක මෙම සිද්ධිය සටහන් විම මත අදාළ මෝටර් රථය ඇඹිලිපිටිය ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගුරුවරියගේ ගෙල බැඳි රන්මාලය කඩා ගැනීමට පෙර අවස්ථා කිහිපයක් පුහුල්යාය මාර්ගයේ මෙම කුඩා මෝටර් රථය ගමන් කර ඇති අතර වංගුවක් වැනි ස්ථානයකදී මෝටර් රථයෙන් බැසගත් තරුණයෙක් ගුරුවරිය තල්ලු කර පහර දී ඇය බිම පෙරළා ගෙල බැඳි රන්මාලය කඩාගෙන මෝටර් රථයෙන් පලා යන අයුරු එම දර්ශනවල සටහන්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගත් මෝටර් රථය කුලී පදනම යටතේ ඇඹිලිපිටිය ප්රදේශයේ වාහන කුලියට දෙන ස්ථානයකින් දිනකට රැගෙන දින දෙකක් මොවුන් තබා ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
අත්අඩංගුවට ගත් මෝටර් රථයේ ඉදිරිපස සහ පසුපස අංක දෙකක් යටතේ සටහන්ව ඇති බවද පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරු සමඟ ගුරුවරියගේ ගෙල බැඳි රන්මාලය ද සොයාගෙන තිබෙනවා.
සැකකරු ඇඹිලිපිටිය මොරකැටිආරේ පදිංචිකරුවෙක් වන අතර ඔහු සූරියවැව පොලිස් වසමේ ද මෙවැනිම ආකාරයෙන් ගෙල බැඳි රන්මාල කඩාගෙන යෑමේ සිද්ධි තුනක් සම්බන්දව ද සොයමින් සිටි පුද්ගලයෙකු බවයි සඳහන් වන්නේ.