Gossips

රන්ජන් රාමනායකට ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටින්නැයි යළි නියෝග

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන වසරේ පෙබරවාරි 26 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි පෙනී සිටින ලෙසට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට නියෝග කෙරුණා.
ඒ, පසුගිය දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් වූ නඩුවේ විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් ඔහු සිදුකළ ප්‍රකාශයට අදාළවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස පසුගියදා නොතීසි නිකුත් කෙරුණා.
ඒ අනුව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටි අතර, ඉන් අනතුරුවයි ඔහුට ලබන වසරේ පෙබරවාරි 26 වැනිදා පෙනී සිටින ලෙස නියෝග කර ඇත්තේ.
එල්.ටී.බී. දෙහිදෙනිය සහ ඊවා වනසුන්දර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එහිදී වැඩිදුරටත් නියෝග කර ඇත්තේ රන්ජන් රාමනායකගේ ප්‍රකාශයට අදාළ හඬ පටයේ සංස්කරණය නොකළ පිටපත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසයි.