කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා සිංහලේ ජාතික පෙරමුණ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකළා.
එහි සභාපති පූජ්‍ය අඟුළුගල්ලේ සිරි ජිනානන්ද හිමියන් පැමිණිල්ල ගොනුකිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ එම මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.
මේ අතර, කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් පිළිබඳ ලැයිස්තුවක් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක විසින් තමන් වෙත ලබාදී නොමැති බව කථානායක කරූ ජයසූරිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඊයේ දිනයේ මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය කථානායකවරයා ද පාර්ලිමේන්තුව දැනුම්වත් කරනු ලැබූ අතර, මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කිරීමටයි ඊයේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී තීරණය වුණේ.
ඒ අනුව එම කමිටුව හෙට පෙරවරු 9.30ට පාර්ලිමේන්තුවේ කමිටු කාමර හතේදී රැස්වීමට නියමිතව තිබෙනවා.
