Gossips

රන්ජන්ට එරෙහිව පොලිස් මූලස්ථානයට තවත් පැමිණිල්ලක්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව ලබාදීමට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් කළ ප්‍රකාශයෙන් අධිකරණයට අපහාසයක් සිදුව ඇති බව පවසමින් සත්‍ය ගවේශකයෝ සංවිධානය පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
එම පැමිණිල්ල ඉදිරිපත් කළේ සත්‍ය ගවේශකයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතීඥ ප්‍රේමනාත් සී දොලවත්ත විසින්.
එමෙන්ම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව ලබාදීමට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශයෙන් ජනතාව අතර කැළඹීමක් ඇති විය හැකි බවත්, ඒ පිළිබදව පොලීසිය වහා විමර්ශනයක් සිදුකළ යුතු බවත් පවසමින් සිංහලේ අපි සංවිධානයද පෙරේදා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
මේ අතර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කංචන විජේසේකර සහ රංජිත් ද සොයිසා අදහස් පළ කළා.