Gossips

රන්ජන්ගේ ප්‍රකාශ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නීතිපතිට නියෝගයක්

රන්ජන්ගේ ප්‍රකාශ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නීතිපතිට නියෝගයක්"
අධිකරණයට අපහාස වන අයුරින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිදුකළ බව කියන ප්‍රකාශ අධ්‍යයනය කර සිය මතය ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට අද (23) නියෝග කළා.
ඒ අධිකරණයට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කළ බවට චෝදනා කරමින් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් ඇතුළු පිරිසක් රංජන් රාමනායකට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම සලකා බැලූ අවස්ථාවේදීයි.
එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රසන්න ජයවර්ධන, සිසිර ද ආබෲ සහ ප්‍රියන්ත ජයවර්ධන නියෝග කළේ අදාළ නඩු විභාගය ජුනි 4 වනදා දක්වා කල් දමන ලෙසයි.
නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් දෙකක් ගොනු කර ඇත්තේ පසුගිය අගෝස්තු මස 21 වනදා අධිකරණයට අපහාස වන අයුරින් මෙම ප්‍රකාශය සිදුකළ බව පවසමින්.