Gossips

රන්ජන්ගේ ප්‍රකාශය නිදහස් පක්ෂය හෙළා දකී

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන නඩුවක් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෙලා දකින බව එහි මහ ලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා.
මහනුවර ප්‍රදේශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ ලේකම්වරයා කියා සිටියේ අධිකරණයේ විභාග වන නඩුවක් සම්බන්ධයෙන් මත ප්‍රකාශ කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයට සිදුකළ අපහාසයක් බවයි.
එක්සත් ජාතික පක්ෂය මේ ආකාරයෙන් අධිකරණයට සහ එහි ස්වාධීනතාවයට අභියෝග කරන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම තරයේ හෙලා දකින බවයි නිදහස් පක්ෂ මහලේකම්වරයා තවදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ.