කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන කැබිනට් අමාත්‍යවරුන් සිටින බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා වගකීමෙන් ප්‍රකාශ කරන බැවින් ඒ පිළිබඳ වහා පරීක්ෂණයක් සිදුකළ යුතු බව නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහතා පවසනවා.
ඒ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
