Gossips

රන්ජන්ගේ කොකේන් චෝදනා ගැන, පොලිස්පතිගෙන් කථානායකට ලිපියක්

රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එල්ල කළ කොකේන් චෝදනාව සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ලිපියක් මගින් තමන්ට දැනුම් දුන් බව කථානායක කරු ජයසූරිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
එමගින් පොලිස්පතිවරයා දැනුම් දී ඇත්තේ ඒ පිළිබද ඔහු පරීක්ෂණයක් පවත්වන බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියළු දෙනාම වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ යුතු බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද මන්ත්‍රීවරුන් කථානායකවරයාගෙන් විමසීමක් සිදුකළ අතර ඊට පිළිතුරු ලබාදෙමින් කථානායකවරයා කියා සිටියේ කිසිදු මන්ත්‍රීවරයෙකු වෛද්‍ය පරීක්ෂණයක් වෙත යොමු කිරීම තමාට අයත් කාර්යයක් නොවන බවයි.
2019 අයවැය කාරක සභා අවස්ථාවේ තුන්වන වර කියවීමේ විවාදයේ හතරවන දිනය වන අද බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය සහ නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනෙනවා.