Gossips

රන්ජන්ගේ කොකේන් චෝදනාව ගැන වාර්තාවට කමිටු සාමාජිකයින් අත්සන් තබයි

කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිදුකළ ප්‍රකාශය පිළිබඳව අවසන් විමර්ශන වාර්තාවට එම කමිටු සාමාජිකයන් විසින් අත්සන් තබා තිබෙනවා.
ඒ, අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදියි.
කමිටු සාමාජිකයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ වාර්තාව අද දිනය තුල අග්‍රාමාත්‍යවරයා වෙත භාරදීමට නියමිත බවයි.
ඉන් අනතුරුව එම වාර්තාව අනිද්දා පෙරවරුවේ රැස්වන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
එමෙන්ම අදාළ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද භාරදීමටද නියමිතයි.