කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවේ සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට පත් කළ කමිටුවේ වාර්තාව අද (25) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත භාරදීමට නියමිතයි.
සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ අගමැතිවරයාට මෙම වාර්තාව භාරදීමෙන් පසුව එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතද යොමු කරන බවයි.
කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් පාර්ලමේන්තුවේ සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට ආණ්ඩු පක්ෂය කණ්ඩායම් රැස්වීමේදී කමිටුවක් පත්කරනු ලැබුවේ පසුගිය බදාදායි.
එම කමිටුව පසුගිය සිකුරාදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර, එහිදී රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ප්‍රකාශයක්ද ලබාදී තිබෙනවා.
අද අගමැතිවරයාට භාරදෙන වාර්තාව අනිද්දා රැස්වන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත ද ඉදිරිපත් කිරීමට නියමිතයි.
