උඩරට දුම්රිය මාර්ගයේ රදැල්ල ප්‍රදේශයේදී දුම්රිය පිලීපැනීමක් සිදුව තිබෙනවා.
අද උදෑසන බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක් මෙලෙස පිලීපැනීමට ලක්ව ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.
ඒ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවිය හැකි බවද එහි ප්‍රකාශකයෙකු සඳහන් කළා.
ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ
