නුවරඑළියේ සිට කොළඹ දක්වා භාණ්ඩ ප්රවහනය කළ කන්ටේනරයක් අද (19) රදැල්ල කෙටි මාර්ගයේදි ප්රධාන මාර්ගය හරහා පෙරලී අනතුරක් සිදුවූවා.
අනතුරින් තුවාල ලැබූ ලොරි රථයේ රියදුරා සහ රිය සහයකයා තුවාල ලබා නුවරඑළිය මුලික රෝහල වෙත ඇතුලත් කළ බවයි නානුඔය පොලිසිය සඳහන් කළේ.
පස්වරු 5.45 ට පමණ මෙම අනතුර සිදුවි ඇත්තේ හැටන් නුවරඑළිය ප්රධාන මාර්ගයේ රදැල්ල කෙටි මාර්ගයේ සමසෙටි වතුයාය ප්රදේශයේදියි.
අධික බැවුමක් සහිත මෙම මාර්ගයේ ධාවනය වෙමින් තිබු ලොරි රථයේ හදිසියේ ඇතිවු කාර්මික දෝෂයක් අනතුරට හේතුවි ඇති බවයි වාර්තා වන්නේ.
අනතුර හේතුවෙන් මාර්ගයේ වාහන ධාවනය කටයුතු එක් මංතිරුවකට පමණක් සිමාවූ අතර රදැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
(ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ / මස්කෙළිය ගාමිණී බණ්ඩාර / හැටන් චන්දන ජයවීර)