ජා ඇල – රද්දොළුගම නිවාස සංකිර්ණයක් අසල ඊයේ (07) රාත්‍රී සිදුවු වෙඩි තැබිමකින් පුද්ගලයකු තුවාල ලබා රාගම රෝහලට ඇතුලත් කරනු ලැබුවා.
පොලීසිය සඳහන් කළේ රද්දොළුගම නිවාස සංකීර්ණයේ ක්‍රීඩාංගණය අසළදී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු ඉන් බැස සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
තුවාලකරු 36 හැවිරිදි ගල්ලවත්ත – රද්දොළුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මොහු මීට මාස 6 කට පමණ ඉහතදී සීදූව පොලිස් වසමේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත මුදාහරිනු ලැබූ පුද්ගලයෙකු බවටද අනාවරණ වී තිබෙනවා.
වෙඩි තැබීම සිදුකළ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, ඒ සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බවයි රද්දොළුගම පොලීසිය සඳහන් කළේ.