Gossips

රද්දොළුගම වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

රද්දොළුගම නිවාස සංකීර්ණය අසළ පිහිටි ක්‍රීඩාංගණයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියට පුද්ගලයන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සැකකරුවන් ඊයේ අත්අඩංගුවට ගත් බවයි.
ඔවුන් සතුව තිබූ විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වරයක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර, ඔවුන් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
පසුගිය 7 වනදා සිදු වූ මෙම වෙඩි තැබීමෙන් 36 හැවිරිදි රද්දොළුගම – ගල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු තුවාල ලැබුවා.