Gossips

රථ වාහන වැරදි 10 ක දඩ මුදල් සංශෝධනය කෙරේ

රථ වාහන අනතුරුවලට විශාල වශයෙන් හේතුවන වැරදි 10 ක් සඳහා වන දඩ මුදල් සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
මාර්ග අනතුරුවලට විශාල වශයෙන් හේතුවන බරපතල වැරදි කිහිපයක් සඳහා වන දඩ මුදල් ඉහළ දැමීමට මීට පෙර යෝජනා වී තිබූ අතර, ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කරනු ලැබුවා.
එම කමිටුවේ නිර්දේශ සැලකිල්ලට ගනිමිනුයි මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළේ.