Gossips

රථවාහන වැරදි 7 ක අවම දඩය 25,000 කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කෙරේ

රථවාහන වැරදි 7 කට අදාළ අවම දඩය රුපියල් 25,000 දක්වා ඉහළ දැමීමේ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.
වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතයෙන් පසු රිය ධාවනය, දුම්රිය මාර්ගයක් තුළට අපරික්ෂාකාරීව වාහන ඇතුල් කිරීම, වලංගු රක්ෂණාවරණයක් නොමැතිව රිය ධාවනය කිරීම, අධික වේගයෙන් රිය ධාවනය කිරීම, රියදුරු බලපත්‍රයක් නොමැති තැනැත්තන් සේවා නියුක්ත කිරීම මෙන්ම වමෙන් ඉස්සර කිරීම යන වැරදි ඊට ඇතුළත්.
මෙහිදී දුම්රිය මාර්ගයක් තුළට අපරික්ෂාකාරීව වාහනයක් ඇතුලු කිරීම නව දඩයක් වන අතර, මීට අමතරව නියමිත වයසට අඩු වයසේ තැනැත්තන් රිය පැදවීම, අපරික්ෂාකාරීව හෝ අනතුරුදායක ලෙස අන්තරාදායක වේගයකින් මෝටර් වාහනයක් ධාවනය කිරීම, ජංගම දුරකථන භාවිත කරමින් රිය ධාවනය කිරීම යන වැරදි සඳහාද ඉදිරියේදී දඩ මුදල් වැඩි කිරීමට අපේක්ෂා කරන බවයි ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කළේ.