Gossips

රථවාහන පොලිසිය සමඟ ගැටුණු යතුරුපැදිකරු

රථවාහන පොලිස් නිලධාරින් පිරිසක් වවුනියාව, තාණ්ඩිකුලම ප්‍රදේශයේ නිවසකට ගොස් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට උත්සහ කිරීමේදී උණුසුම් තත්වයක් ඇතිව තිබෙනවා.
අදාල පුද්ගලයාගේ නිවස අසල රැඳී සිටි රථවාහන පොලිසියේ නිලධාරීන් පිරිසක් යතුරුපැදිය නැවත්වීමට අණකර ඇති අතර එම අවස්ථාවේ ඔහු සිය නිවසේම යතුරුපැදිය නවත්වා ඇති බව සඳහන්.
එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් අදාල යතුරුපැදිකරු අත්අඩංගුවට ගැනීමට උත්සහකර ඇති අතර එහිදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
කෙසේ වෙතත් අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ පොලිස් නිලධාරින් යතුරුපැදිය නැවැත්වීමට කළ අණ නොඇසී ඔහු මෙලෙස නිවසටම ගොස් යතුරුපැදිය නවත්වා ඇති බවයි.