Gossips

රතු මැයි සැමරුම කොළඹ – බී.ආර්.සී. පිටියේදී

සමාජ සාධාරණත්වය, ජාතික සමගිය ගොඩනගන ජනතාවාදී පාලනයක් යන්න තේමා කර ගත් ජනතා විමුක්ති පෙරමුණේ මැයි රැළිය ද කොළඹ – බී.ආර්.සී. පිටියේදී පැවැත්වුණා.
බොරැල්ල – කැම්බල් පිටියෙන් පස්වරු 1ට පමණ ඔවුන්ගේ පෙළපාලිය ආරම්භ වු අතර එය පස්වරු 4ට පමණ බී.ආර්.සී පිටියට පැමිණීමෙන් අනතුරුවයි රැළිය ආරම්භ වූයේ.
තවත් දේශපාලන පක්ෂ කිහිපයක මැයි රැළි ද දිවයිනේ විවිධ ප්‍රදේශවල අද සංවිධානය කර තිබුණා.
‘‘අව්වට වැස්සට හුරු මිනිසුන්ගේ දිරිය මැයි රැළිය’’ යන්න තේමා කර ගත් ජාතික හෙළ උරුමයේ මැයි රැළිය පැවැත්වුණේ කොළඹ නව නගර ශාලාවේදීයි.