Gossips

රතුපස්වල සහ තඹුත්තේගම වෙනස ගැන, හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක්

පසුගිය දා තඹුත්තේගම දී ගොවීන්ට සිදුවූ පහරදීමත්, තම රජය සමයේදී සිදුවූ රතුපස්වල සිදුවීමත් අතර විශාල වෙනසක් පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
රත්මලාන ප්‍රදේශයේ විහාරස්ථානයක අද පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියා.
ප්‍රශ්නය – ජනතාව බලාපොරොත්තු වෙනවා ඔබතුමාගේ ක්‍රියා කලාපය. හැබැයි පොඩ්ඩ්ක් නිහඩයි වගේ?
මහින්ද රාජපක්ෂ – නැ. එහෙම තමයි පේන්නේ. මේ වෙලාවේ ක්‍රියාත්මක වෙනවා සද්ද කරලා බෙර ගහලා කරන්න බැ. ඉතිං ඒ අවශ්‍ය කරන ඒවා ලස්සනට කෙරීගෙන යනවා.
ප්‍රශ්නය – තඹුත්තේගම ගොවින්ට පහරදීම ?
මහින්ද රාජපක්ෂ – එදත් මම ඒක නින්දිත ක්‍රියාවක් වශයෙන් හැදින්වුවා. මේ අයට වහාම ඇප දීලා නිදහස් කරන්න පියවර ගන්න ඕන ඇමතිවරු. පොලිස් මර්ධනයක් කරලා මේ රටේ අදහස් ප්‍රකාශ කරන්න තියෙන අයිතිය නැති කරන්න බෑ.
ප්‍රශ්නය – විරුද්ධ පාර්ශවයෙන් කියනවා මේ ඔබතුමාගේ කාලෙත් රතුපස්වල මේ වගේ සිද්ධීන් වුනා කියලා?
මහින්ද රාජපක්ෂ – ඒ සිදුවීමයි මේකයි අතර ලොකූ වෙනසක් තියෙනවා. ඒ වෙනස මහා පරපතරයක් තියෙනවා.
ප්‍රශ්නය – පළාත් පාලන මැතිවරණයේ බලය පිහිටුවීම පිලිබදව දැන් ප්‍රශ්නයක් උද්ගතවෙලා තියෙනවා?
නෑ මං හිතන්නේ ඒවා විසදෙමින් යනවා. මොකද තාම ප්‍රශනේ තියෙන්නේ කාන්තා නියෝජනය තාම ලකුණු දීලා නැ පක්ෂ. මැතිවරණ කොමසාරිසගේ උවමනාව මත. හැබැයි මේ මැතිවරණ ක්‍රමයම මහ විකෘති වෙච්ච මැතිවරණ ක්‍රමයක්. ඇප රාජසන්තක වෙච්ච මිනිස්සුන්ට මන්ත්‍රීකම් හම්බවෙනවා. ඒක මහා ලොකු දෙයක් විදිහට සමහරු හදුන්වලා දෙන්න හදනවා.