Gossips

රත්‍රන් තොගයක් සමග කටුනායක තීරුබදු රහිත සාප්පු සේවකයෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි 5 කට අධික වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් සමග කටුනායක ගුවන්තොටුපොළ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ සේවකයෙකු අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති අතර එම රත්‍රං තොගයේ බර කිලෝ 7 යි ග්‍රෑම් 200 ක්.
අදාළ රත්‍රං තොගය උදරයේ සඟවාගෙන පැමිණ මගී පර්යන්තය තුළදී ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකුට ලබාදීමට උත්සාහ කිරීමේදී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් රේගු නිලධාරීන් භාරයේ තබාගෙන විමර්ශණ ආරම්භ කර ඇතැයි සඳහන්.